උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

ජූනි 29, 2022

    2021 උසස් පෙළ විභාගයයේ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (29) සිට ජුලි 09 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ සඳහා සහභාගිවන අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සඳහන් කළ ලිපිනයටද තැපැල් මගින් යවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේ.

    විභාග අපේක්ෂකයා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු ස්ථානය සහ දිනය සිය ප්‍රවේශපත්‍රයේ දක්වා ඇති අතර එය වෙනත් කිසිඳු හේතුවක් මත පසුව වෙනස් නොකරන බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

    dca665640886c1a9e2e5cf5099915d3c

    Latest News