මෙරට වත්මන් උණුසුම සමනය තුළින් මූල්‍ය සහන සාකච්ඡා ඇරඹීමට හැකිවනු ඇති; IMF.

ජූලි 10, 2022

    ශ්‍රී ලංකාවේ නොසන්සුන්තා කඩිනමින් සමනය කිරීම තුළ මූල්‍ය සහන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉඩකඩ සැලසෙනු ඇතැයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

    වත්මන් තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් අයි.එම්.එෆ්. සංවිධානය මේ බව කියා සිටියා. ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් මූල්‍ය සහන පැකේජයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සම්බන්ධව සිටිනවා. දෙපාර්ශවය අතර තාක්ෂණික සාකච්ඡා ඉකුත්දා අවසන් වුණා. ඉදිරි සාකච්ඡාමය වැඩපිළිවෙල තුළින් මූල්‍ය සහන කඩිනම් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි, අන්තර් ජාතික මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරනවා. තම රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බවයි අයි.එම්.එෆ්. සංවිධානය ප්‍රකාශ කරන්නේ.

    Latest News