ගුවන් හමුදවෙන් නිවේදනයක්...

ජූලි 12, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගුවන් හමුදාපතිවරයාට අයත් පෞද්ගලික නිවසක රැදි සිටින බවට, සමාජ මාධ්‍ය ඔස්සේ පළවන හඬපටය, මුළුමනින්ම අසත්‍ය එකක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසනවා.

    ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති යැයි කියා ගන්නා හිටපු පොලිස් නිලධාරියෙකු වූ අජිත් ධර්මපාල නැමැත්තා මේ බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය වෙත හඬ පටයක් මුදා හැර ඇති බවයි, ගුවන් හමුදා මුලස්ථානය පවසන්නේ. මෙය ගුවන් හමුදාව සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරිම සඳහාත් ගුවන් හමුදාව කෙරෙහි ජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණින් පළ කරන ලද එකක් බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය නිවේදනය කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 18:00

    Latest News