ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි...

ජූලි 27, 2022

    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු විය.

    හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර, ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය එතුමා සමග සුහද කථා බහක ද නිරත වූවාය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

    Latest News