වරෙන්තුකරුවන් සොයා පොලිසිය පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ...

ජූලි 29, 2022

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් නුගේගොඩ පිහිටි කාර්යාලය, පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    ඒ, අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් සෙවීම සඳහායි.  අද (29) උදේ අවස්ථා දෙකකදී පොලිස් කණ්ඩායම් පැමිණ මෙම කාර්යාලය හා අදාළ පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සෙවීම සඳහා නිලධාරීන් පැමිණ ඇති බවයි, එම පක්ෂය පවසන්නේ. ‍

    මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ නිල ‍ධඡය සො‍රාගෙන ගොස් ඇද ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා, කොළඹ වේල්ලවීදිය පොලිසියට බාර වී තිබෙනවා. ජූලි 9 වැනිදා පැවති ජනතා විරෝධතාවය මධ්‍යෙය් ජනාධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු එම ධඡය සොරා ගෙන ඇති බවයි, පොලිසිය පවසන්නේ. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිසිය කියා සිටියා.

    Latest News