FB,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් බිඳවැටීම තවමත්

මාර් 14, 2019

    බිඳවැටුණු ෆේස්බුක්,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් ගැටලුව ප්‍රධාන වශයෙන් යථාතත්වයට පත්කළද තවමත් ගිණුමට ඇතුළුවිය නොහැකි පරිශීලින් රැසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ෆේස්බුක් වෙඩි අඩවිය ඉතිහාසයෙ විශාලතම බිඳ වැටීමට ඊයේ මුහුණ දුන්නා. ලොවපුරා පරිශීලකයින් බහුතරයකට මෙමගින් බලපෑම් එල්ලවිය. ඊයේ රාත්‍රී මෙම බිඳවැටීම සිදුවිය. ෆේස්බුක්වලට අමතරව එම සමාගමේ අනෙකුත් යෙදවුම් වන මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි ද මීට සමගාමීව ක්‍රියා විරහිත විය.

    මෙම කඩා වැටීමට හේතුව කුමක්දැයි තවමත් හෙළිවී නැත. මෙම බිඳවැටීම ලොව පුරා ෆේස්බුක් ගිණුම් සියල්ලටම පාහේ බලපා ඇති බවයි, ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 10:14

    Latest News