පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නේ, වගා කටයුතු ආරම්භයේදී හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 4.3 ක අස්වැන්නක් අපේක්ෂා කෙරුණ ද පසුගිය කාලයේ මතු වූ ඇතැම් ගැටලු හේතුවෙන් මෙවර අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි.
ගොයම්කපන යන්ත්‍ර හිමියන් ගොයම් කැපීම සඳහා අධික මිලක් අය කිරීම නිසා, තමන්ට මෙවර වී අස්වැන්නෙන් පාඩු ලැබීමට සිදු වී ඇති බව, ගොවීන් පවසනවා. ගොයම් කපන යන්ත්‍ර හිමියන් පෙන්වා දෙන්නේ, සිය යන්ත්‍ර සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි.