ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

ඔක් 15, 2022

    පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

    මේ අතර කළු ඟග ද්‍රෝණියේ මධ්‍යම හා පහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතියි.

    අත්තනගලු ඔය ද්‍රෝණියේද මධ්‍යම හා පහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතයක් ලැබීම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වලද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Weather1

    Flood warnings2 900px 22 10

     

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 08:08

    Latest News