වැස්සෙන් 61,435ක් පීඩාවට

ඔක් 16, 2022

    දිවයිනට බලපා ඇති වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 15,404 කට අයත්, 61,435 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 11,157ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3,443ක් ඊට අයත්. පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

     

    මේ අතරින් අවතැන් වූ පවුල් 275 කට අයත් 1,146 දෙනකු ආරක්ෂිත ස්ථාන 14 ක රඳවා තිබේ.

    හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇත.

    සම්පූර්ණ නිවාස හානිවීම 05ක් සහ අර්ධ  නිවාස හානිවීම් 193ක් වාර්තා වී ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ,   රජය මගින් ලබාදෙන සහන නොලැබෙන්නේ නම්,  ආපදා සහන සේවා අංකය වන 117 අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකියි.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 10:44

    Latest News