ජාතික හැඳුනුම්පත අස්ථානගත වුනත්, රියදුරු බලපත්‍රයක් තිබෙනවා නම් ඒ අයට, පුළුවන් තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න. මේතරම් වටිනාකමක් ඇති රියදුරු බලපත්‍රයට දැන් මොකද වෙලා තියෙන්නේ ?
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සියලුම වර් ග වලට අයත් රියදුරු බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 40 ක් පමණ වනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, සෑම වසරකම ලක්ෂ 8 ත් 9 ත් අතර, නව රියැදුරු බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කරන බවයි. මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින පිරිස ලක්ෂ 6 කට අධිකයි.
මේ අතර, දැනට ඇණවුම් කර ඇති චිප් පත සහිත රියදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ 4 ත් 5 ත් අතර ප්‍රමාණයද බෙදා අවසන් කිරීමෙන් අනතුරුව වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීම සඳහා නව කියුආර් කේතය සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි.