පෞද්ගලික බස් සේවාව දියුණු කිරිමට මහබැංකු අධිපතිගේ සහය

නොවැ 19, 2022

    පෞද්ගලික බස් සේවාව කඩිනමින් දියුණු කිරිමට අවශ්‍ය සහය ලබා දෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.  

    පෞද්ගලික බස්රථ හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සහ මහ බැංකු අධිපති අතර සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ මහ බැංකු මුලස්ථානයේදී. පෞද්ගලික බස්රථ හිමියන් මේ වන විට මුහුණ පා ඇති බස්රථවල අමතර කොටස් ඉහළ යාම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. 

    බස් මගීන් ප්‍රවාහනය අලුත් ක්‍රමවේදකයට අනුව සිදුකිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ඉකුත්  මැයි මස අරගලකරුවන් විසින් ගිනි තබන ලද බස් රථවල රියදුරු මහතුන්ගේ ගැටලු පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එම බස් රථ රියදුරු මහතුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.  ඉදිරියේදී අලුතින් බස්රථ ආනයනයට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    Latest News