ගෝල්ෆේස් පිටිය ගැන තීරණාත්මක තීන්දුවක්

අප්‍රේ 18, 2023

    මේ මස 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, ගාලුමුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය භාවිත කිරීමට අවසර ලබා නොදීමට තීරණය වී තිබෙනවා.

    සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු‍මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය බාර ගෙන ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය රුපියල් මිලියන 220 ක් පමණ වැය කර තිබෙනවා.

    පසුගිය අරගල කාලසීමාව තුළ දී සිදු වී ඇති දේපල හානි අලුත්වැඩියාව සඳහා පමණක් ‍රුපියල් මිලියන 6.4 ක් වැය කර තිබෙනවා.

    මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත්, සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක් රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර, පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට ද අපහසු වී තිබෙනවා.

    Latest News