පාසල් හැරයන දරුවන් පිළිබඳ දත්ත වාර්තාවක්

මැයි 10, 2023

    ‍පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

    එවැනි තොරතුරු එකතුවකින් වෘත්තීය සහ තාක්ෂණික සැලසුම් සකස් කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

    මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අගමැතිවරයා මේ බව කියා සිටියා. එය,  මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයා ‍මෙහිදී අවධාරණය කළේ, දරුවන් විභාගවලට පෙනී නොසිට විවිධ රැකියා සඳහා යොමු වීම අවධානයට ලක්විය යුතු බවයි. එබැවින් පාසල් හැර යන දරුවන් පිළිබඳ තොරතුරු එකතුවක් පවත්වාගත යුතුයි. ඊට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි, අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. සංවර්ධන කමිටු රැස්වීමට, මහරගම ප්‍රදේශයෙන් ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News