එළුවන්ටත් රක්ෂණයක්

මැයි 31, 2023

    එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේය.

    පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇත.

    මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත.

    සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබේ.

    මේ අයුරින් තව කෘෂි අංශ ගණනාවක් සඳහා රක්ෂණාවරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

     

    Latest News