ශ්‍රී ලංකාවට නව තනතුරක්

ජූනි 04, 2023

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

    ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 21ක් මෙවර මහා මණ්ඩලයේ උප සභාපති ධුරය සඳහා තෝරා පත් කර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. රටවල් 193ක් විසින් ශ්‍රී ලංකාව උප සභාපති ධුරය සඳහා තෝරාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේව මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ලබන සැප්තැම්බර් 12 වෙනි දින ආරම්භවී 25 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා ආසියානු පැසිෆික් කලාපය වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා එම තනතුර භාර ගැනීමට නියමිත බවද වාර්තා වනවා. කොංගෝ, ගැම්බියා, මොරොක්කෝ, සෙනගල්, උගන්ඩා, සැම්බියා, ඉරානය, මැලේසියාව, සිංගප්පුරුව, උස්බෙකිස්ථානය, එස්තෝනියාව, බොලීවියාව, සුරිනාම්, අයිස්ලන්තය, නෙදර්ලන්තය‍, වැනි රටවල්ද මෙවර උප සභාපතිත්වයට තේරී පත්ව තිබෙනවා.

    Latest News