යාපනය, පේදුරුතුඩුවට බටහිරින් පිහිටි වෙත්තිලයිකර්නි සහ මාමුණේ අතර මුහුදේදී මෙම කේරළ ගංජා තොගය හමු වූ බවයි, නාවික හමුදාව පවසන්නේ.
ශ්රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපයේ සිදු කෙරෙන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්රියාත්මකයි.
උතුරු නාවික විධානයේ මාමුණේ නාවික අනුකණ්ඩය මගින් කුඩා යාත්රා යොදවා එම සෝදිසිය සිදු කර තිබෙනවා.
මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු මලු 4 ක් පරීක්ෂා කිරීමේ දී පාර්සල් 53 ක අසුරා තිබූ කේරළ ගංජා තොගය, හමු වූ බවයි, නාවික හමුදාව සඳහන් කළේ.