පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමියේ සහය

ජූනි 10, 2023

    මෙරට පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමිය ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඒ, රත්මලාන ජල සම්පාදන මණ්ඩලයේදී. ශ්‍රී ලංකාවේ භූගත ජලයේ පවතින ගුණාත්මක භාවය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා. එම නිසා උද්ගතව වන සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු හඳුනා ගැනීමට අදාළ පරීක්ෂණ පුළුල් කළ යුතුයි.

    ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක යටතේ මෙය ක්‍රියාත්මකයි. ජලය හා සනීපාරක්ෂාව ප්‍රශස්ථ මට්ටමින් රට තුළ ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධ වගකිව යුතු ආයතනයන්ට සහය දැක්වීම අරමුණයි. මේ අවස්ථාවට අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ද එක්ව සිටියා.

    Latest News