බඩඉරිඟු ගොවීන්ට අක්කරයකට රු. 20000 ආධාරයක්

ජූලි 05, 2023

    ලබන මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් විසිදහසක නැවත අය නොකෙරෙන මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    ගොවීන්ට අවශ්‍ය බීජ හා පොහොර නොමිලේ ලබාදීමටද නියමිතයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ, යටතේ එළඹෙන මහ කන්නයේදී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක 5 ක් තෝරාගෙන ගොවීන්ට සහන රැසක් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා. හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ගොවීන්ටයි එම සහන හිමි වන්නේ. එම දිස්ත්‍රික්කවල අක්කර විසිදෙදහසක බඩඉරිඟු වගා කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරට සත්ව ආහාර සකස් කිරීමට අවශ්‍ය බඩඉරිඟු නොමැති වීමෙන් කිරි, බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනයද පහත බැස තිබෙනවා. සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම කුඩා පරිමාන කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පන්දහසක් සහ අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ අක්කර දසදහසකත් ඉතිරිය අනෙකුත් දිස්ත්‍රික්කවල ව්‍යාපෘති ආධාර මත වගා කිරීමට නියමිතයි. තවත් අක්කර දහස් ගණනක බඩරිඟු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

    Latest News