EV බැටරිවලට නව තාක්ෂණය

ජූලි 13, 2023

    ජපානයේ ත්‍රිඩම් ආයතනයේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.

    EV බැටරිවල අධි තාක්ෂණය සොයා ගෙන ඇත්තේ, මෙම ආයතනයයි.

    මෙරට පරිසර දූෂණයට අතිශයින් බලපාන ත්‍රීරෝද රථ සඳහා අධිතාක්ෂණයෙන් යුත් EV බැටරි යොදා ගැනීමේ හැකියාව සොයා බැලීම ඔවුන්ගේ සංචාරයේ අරමුණයි. පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා එය හේතුවනු ඇතැයි, එම තාක්ෂණික විශේෂඥයින් පවසනවා. ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් සුනිල් ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව, නියෝජිත පිරිස දිවයිනට පැමිණියා.

    Latest News