GMOA නව යෝජනාවලියක් ජනාධිපතිට

ජූලි 28, 2023

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සිය වෘත්තිය ක්‍ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා වන නව යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරීන් ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී.

    හමුව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. වෙළෙඳපොළ වටිනාකම සහ කාර්යසාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම, බුද්ධිගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය යන කරුණු යෝජනාවලියට ඇතුළත්. එමෙන්ම, වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳ යෝජනාද එහි අන්තර්ගතයි. මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියා. කෙටිකාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ, මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් එම සැලසුම් සකස් කිරීමේදී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපා රටවල දියුණු සෞඛ්‍ය පද්ධතීන් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News