'ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණය කළා' - ජනපති

මාර් 26, 2019

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යොජනාව පරිදි රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එම පියවරට එළඹ ඇත්තේ, ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින්. පොළොන්නරුවේ ඊයේ සවස පැවති උත්සවයක දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. 

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු මෛත්‍රී ශිල්ප කලා මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිසු අයිතියට පත් කෙරිණ. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ මීට වැය කර මුදල රුපියල් මිලියන 140ක්. කලා මණ්ඩලය ආසන 5,000 කින් සමන්විතයි.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 12:47

    Latest News