තල් අරඹට යන නව සාමාජිකයා "යාල්නිලා ඔඩිසි"

අගෝ 05, 2023

    ‍‍කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන "යාල්නිලා ඔඩිසි" විශේෂ සංචාරක දුම්රිය ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණා.

    ඒ, ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන්. දුම්රිය ධාවනය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙ‍රෙන්නේ, රාත්‍රී 10.00 ටයි. එය පසුදා අලුයම 5.00 ට කන්කසන්තුරේට ළඟා වනවා. කන්කසන්තුරෙන් හෙට රාත්‍රී 9.30 ට යළි ගමන් අරඹන දුම්රිය, පසුදා අලුයම 5.20 ටකොළඹට ළඟා විමට නියමිතයි. නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව එය ලබන 18 වැනිදා සිට දෛනිකව ධාවනය කෙරෙනවා.

    වෙන් කළ ආසන පමණක් ඇති එම දුම්රිය, වායු සමනය කළ පළමු පන්තිය, සාමාන්‍ය දෙවැනි පන්තිය සහ තුන් වැනි පන්තියේ මැදිරිවලින් සමන්විතයි. මාර්ගගත ක්‍රමයට ආසන වෙන් කර ගත හැකියි. දුම්රිය, ගල්කිස්ස සිට කොළඹ කොටුව‍ දක්වා මන්දගාමි ලෙස ධාවනය කෙරෙනවා. එය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ශීඝ්‍රගාමිවයි, ධාවනය කෙරෙන්නේ‍. ‍

    ශනිදා ශීඝ්‍රගාමි "ඔඩිසි" සංචාරක දුම්රිය, අද නව ගමන් වාර ආරම්භ කළා. මීට පෙර එය ධාවනය කෙරුණේ, ඉරිදා දිනයේ දී පමණයි. පවතින ඉහළ මගී ඉල්ලුම පිළිබඳ අවධානය‍ යොමු කරමින් අද සිට සෑම සෙනසුරාදා දිනකම එය ධාවනය කෙරෙනවා. එහි පළමු ගමන් වාරය අද උදේ ආරම්භ කෙරුණේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්. ඒ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

    Latest News