කල් ඉකුත් වූ කොත්තමල්ලි තොගයක් වටලයි

අගෝ 09, 2023

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් නිලධාරින් කල් ඉකුත් වූ කොත්තමල්ලි නැවත රසායන ද්‍රව්‍ය යොදා සකස්කර වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදනාගාරයක්, ඊයේ රාත්‍රි වටලා තිබෙනවා. ඒ, කල්මුණේකුඩි - පරණ මුහුදු වෙරළ පාරේ දී.

    කොත්තමල්ලි උර 2000 ක් පමණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බාරයට ගැනුණා. කොළඹ ගබඩාවල තිබෙන කල් ඉකුත් වූ කොත්තමල්ලි මෙහි නැවත සකස්කෙරෙන බවට  ලද තොරතුරක් අනුවයි, මෙම  වැටලීම සිදු කෙරුණේ. 

    ඉන්දියාවෙන් ගෙන්වන ලද සල්ෆර් නැමති රසායනික ද්‍රව්‍ය රත්කර,  ජාවාරම්කරුවන් විසින් තනා ගනු ලැබූ ක්‍රමවේදයකට අනුව මෙම කොත්තමල්ලි නැවත සකස්කරන බවයි, අනාවරණය වී ඇත්තේ.

    මෙම නිෂ්පාදනාගාරයට ආසන්නයේ ගබඩා දෙකක  තවත් කොත්තමල්ලි උර 2,000 ක් පමණ ගබඩා කර තිබූ අතර, ඒවා ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බාරයට ගැනුණා.

    කොත්තමල්ලි  ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලිස් බාරයට ගැනුණු අතර, ජාවාරමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    Latest News