update: කන්ජිපානි ඉම්රාන් මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

මාර් 30, 2019

    update - කන්ජිපානි ඉම්රාන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දෙයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය මෙම අවසරය ලබා දී තිබේ. එසේම මැයි 8 වන දා කන්ජිපානි ඉම්රාන් නැමැත්තා අධිකරණ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.

    කංජිපානි ඉම්රාන් අද අධිකරණයට - 14.50

    ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    ඒ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් සඳහායි. මේ වන විට සැකකරුගෙන් පැය 15කට අධික කාලයක් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි.

    පිටුවහල් කිරීමෙන් පසුගිය 28 වැනිදා මෙරටට පැමිණි කන්ජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු සමග ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් 3 දෙනෙක් ද අත්අඩංගුවට ගැනිණ. ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබූ පාතාල නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කන්ජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සාය කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත. එදින උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එල් ඉසෙඩ් 547 දරණ යානයෙන් කටුනායකට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මොහු මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 20:04

    Latest News