ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වෙත මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රයන් යන මහත්වරණය සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.
එම අතුරු තහනම් නියෝගය දිසා අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.
එසේ තිබියදී වග උත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කර ඇති බවත් පෙත්සම්කරු චෝදනා කළා.
ඉකුත් මැයි මස 12 වන දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමකදී තමන් ඉල්ලා අස්වන බවට එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා වෙත
මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලිපියක් ලබා දුන්නද එම රැස්වීම මුළුමනින්ම සිරිසේන මහතා විසින් මේවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කියා සිටියා.
මේ තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහු වෙත සිතාසී යැවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියි.
ඊට අමතරව මෛත්‍රිපාල සිරි සේන මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වරදකරු කොට ඔහුට සුදුසු දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියා.