වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය සියයට 8 යි දශම 5 ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී තිබේ.
ඒ හේතුවෙන්, බහුතරයක් ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව, අවුරුදු 60 ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ උපරිම රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10 ක් ලෙස අවුරුදු 2 ක කාලයක් සඳහා ලබාදීමට තීරණය කරනු ලැබුවා.