ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව සැකකාර එමිල් රංජන් ළමාහේවා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබේ. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාර දිය යුතු බවටද එම නියෝගයේ සඳහන් වේ.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට එමිල් රංජන් ළමාහේවා මේ වන විට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.