වාහන පැති කණ්ණාඩි ගලවා වැඩ වරදී

අප්‍රේ 05, 2019

    නවතා තිබෙන මෝටර් රථවල පැති කණ්ණාඩි ගලවා කොළඔ පංචිකාවත්ත ප්‍රදේශයේ වාහන කොටස් අලෙවි කරන ස්ථානවලට විකිණූ පුුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව එගොඩ උයන පොලිසිය සමත් වී තිබේ.

    එගොඩ උයන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වී ඇත. ඔහු ත්‍රිරෝද රථයකින් ගොස් මෙම පැති කණ්ණාඩි ගලවා ඇති අතර ඔහු සන්තකයේ තිබී ලක්ෂ 5ට වඩා වටිනා පැති කණ්ණාඩි 10ක් පමණ සොයාගෙන ඇත. තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයකු පංචිකාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කළ පැති කණ්නාඩි පංචිකාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් තරුණයා ලවා අලෙවි කිරීම සිදු කර ඇත.

    වයස 32 සහ 26 වන වියේ පසුවන දෙදෙනාම තදබල ලෙස මත් කුඩුවලට ඇබ්බැහි වූවන් බව වාර්තාවේ. මොවුන් අද (05) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News