හොඳම පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකා මිරර්ට

අප්‍රේ 11, 2019

    ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ප්‍රශස්තම පුවත් වෙබ් අඩවිය ලෙස ඊයේ (10) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ දී පිදුම් ලැබීය.

    එම ඛාණ්ඩයට නිර්දේශිත අනෙක් වෙබ් අඩවි දෙකවූයේ දෙරණ හා තිනකුරන් යන වෙබ් අඩවි දෙකයි. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවති අතර මාධ්‍ය වෙනුවෙන් ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.

    මෙහිදී විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා මාධ්‍යාභිමානී ජනාධිපති මාධ්‍ය සම්මානයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රෙයන්ද, ප්‍රවීන මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ ගුවන් විදුලි ක්ෂේත්‍රයෙන් ද ලූෂන් බුලත්සිංහ රූපවාහිනී ක්ෂේත්‍රයෙන්ද, ලක්ෂ්මන් ජයවර්ධන වෙබ් මාධ්‍ය වෙනුවෙන් ද ජනාධිපති වෙතින් මාධ්‍යාභිමානී සම්මානයෙන් පිඳුම් ලැබූහ.

    ඊට අමතර මෙහිදී මුද්‍රිත,ගුවන්විදුලි,රූපවාහිනී හා වෙබ් වෙනුවෙන් මාධ්‍ය සම්මාන 48ක් පිරිනැමිණ.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක,ජනමාධ්‍ය කැබිනට් නොවන හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවල් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 11:41

    Latest News