නිදි නොමැතිව රිය පදවා ගිය ගමනක් (විඩියෝ)

අප්‍රේ 11, 2019

    බදුල්ල - පස්සර මාර්ගයේ දී මෝටර් රථයක් අද (11) අලුයම බදුලුසිරිගමදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයක පිහිටි නිවාසකට වැටී තිබේ.

    කොළඹ, කඩවත සිට පස්සරට පිරිසක් රැගෙන පැමිණි කුලී මෝටර් රථයක් විවේකයක් නොමැතිව ආපසු යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

    රියදුරා නින්දයාම අනතුරට හේතුව බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. මහා ප්‍රාපතයකට පෙරලී විශාල අනතුරක් සිදුවීමට තිබු අවස්තාව විදුලි කණුවේ ගැටෟමෙන් වැලකි ඇති බව පොලිසිය පවසයි. අනතුරින් විදුලි කණුව කඩා වැටිම හෙතුවෙන් පැය කීපයකට විදුලිය විසන්දි කිරීමට ලංකා විදුලි බල මන්ඩලය සිදුවි ඇත.වාහනයට හානි සිදුවි ඇති අතර රියදුරු සුළු තුවාල ලබා බේරී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 14:35

    Latest News