ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා මුහුදේ පාවෙමින් තිබූ ඩිංගි යාත්රාවක් නිරික්ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ෂණවලදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක්, මසුන් කිලෝග්රෑම් 06 ක් සහ පිටත දහන යන්ත්රයක් සොයා ගැනීමට සමත්ව ඇත.
සොයා ගන්නා ලද ඩිංගි යාත්රාව, පිටත දහන යන්ත්රය, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය, සහාකර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුත කරන ලදි.