කතරගම දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍ය

අප්‍රේ 14, 2019

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍ය අද(14) උදෑසන 5:40ට යෙදුණු සුබ නැකතින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වී තිබේ.

    දුටු ගැමුණු මහ රජතුමාගේ කාලයේ සිට අඛණ්ඩව සිදු කරනු ලබන චාරිත්‍රවලට අනුව රුහුණු මහා කතරගම දේවාලයේ චාරිත්‍ර සිදු කෙරේ. අද දින දේවාලයේ ඉදිරිපිට දී කිරි ඉතිරවීමේ උත්සවය කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ සහ කපු මහතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

    කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් අනතුරුව මහා දේවාලයේ ප්‍රමුඛ පරිවාර දේවාලයන් සියල්ලම අද සවස 3 දක්වා වසා තැබේ. නව අවුරුදු උදාවෙන් පසුව අද දින සවස දේවාලය විවෘත කිරීමෙන් පසු නැවත බැතිමතුන් සඳහා පුද පූජා සිදුකෙරේ. එමෙන්ම අද රාත්‍රී අවුරුදු මංගල්‍ය පෙරහැර පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇත.

    Latest News