නදීමාල් ප්‍රකාශයක් ලබාදීමට CIDයට

අප්‍රේ 18, 2019

    අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රකාශක් ලබා දීම සඳහා අද(18) පෙරවරුවේ CID යට පැමිණ තිබේ.

    පෙරවරු 9:20ට CIDයට පැමිණි ඔහු පැය 3කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පිටව ගොස් ඇති බවද වාර්තාවේ.

    පසුගිය දා ඩුබායිහි දී මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් පෙබරවාරි 28 වැනිදා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. පසුව නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වීම නිසා ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරිණ. ඔහු දිවයිනට පැමිණි දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළේය.

    Latest News