විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් මත ජම්පඨා වීදියේ තිබූ මෙම වෑන් රථය පරීක්ෂා කිරීම සිදු විය. ඊයේ දින සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් පැමිණි වාහනයක් ලෙස මෙය සැක කරන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ප්‍රදේශය අවට ජනතාව ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂිත පිපිරීම සිදු කළ බව වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
ඒ අවස්ථාවේ සංවේදී සිදුවීමක් ද සටහන් වී තිබිණ. එම අවස්ථාවේ තිබූ ජීවිත අවධානම නොතකා යම් පුද්ලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාවික හමුදා භටයෙක් ක්‍රියා කරන අයුරුද දැක ගැනිමට හැකි විය.