ඒ, බොරැල්ල අගරදගුරු දේවස්ථානයේ දී. එය, ජාතික රූපවාහිනියේ සියලු නාලිකා ඔස්සේ අද පෙරවරු 8.00 සිට සජීවිව විකාශය කෙරිණ. ආරක්ෂක හේතූන් මත, ඉරු දින දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඒ ඒ මීසම්වලට පවරනු ලැබීය. ඉරු දින දේව මෙහෙයට සහභාගි විය නොහැකි කිතුනු බැතිමතුන් වෙනුවෙන් මෙම දේව මෙහෙය සංවිධාන කර තිබිණ. දේව මෙහෙයට පියතුමන් සහ කන්යා සොයුරියන් ද එක්ව සිටියහ.
දේව මෙහෙය අතරතුර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද පැමිණ සිටියහ. පාස්කු ඉරුදින මියගිය සියලු දෙනා සිහිකරමින් දේවස්ථානයෙහි පහන් දල්වනු ලැබීව.