මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ඒකාබද්ධ නිවේදනයක් මේ සම්බන්ධයෙන් අද මාධ්‍යයට නිකුත් කෙරිණ. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහ නිකායෝ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන්හට චිත්ත ශාන්තිය උදා කිරීමට කටයුතු කිරීම මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කරන අප සැමගේ වගකීමක් බව මහ නාහිමිවරුන් පෙන්වා දෙයි. උන්වහන්සේ මෙරට සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවර වෙසක් මංගල්‍යයේ දී බාහිර උත්සවවලින් ඉවත්ව ආධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි. ඒ අතරම, සියලු බෞද්ධ ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්නේ, සෑම බෞද්ධ උත්සවයක්ම ආරක්ෂක අංශයන්ගේ උපදෙස් මත මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් සංවිධාන කරන ලෙසයි.