කණ්ඩලම වාන් දමයි (ඡායාරූප)

නොවැ 07, 2018

    මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ.

    අද (07) උදෑසන වන විට අඟල් 10 ක ප්‍රමාණයක් වැව වානෙන් ජලය පිටවන බවත්, එය තප්පරයකට ඝන අඩි 600ක් බවත් මහවැලි තාක්ෂණ ඉංජිනේරු එම්.එච්.එන්.ආර් බණ්ඩාර මහතා පවසයි.

    දඹුල්ල සිට වෑවල වැව දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා එල්ල වී තිබේ.

    කණ්ඩලම ජලාශයෙන් පිටවෙන  වාන් ජලය මිරිස්ගොනිය ඔය  හරහා කලා වැවට ලැබෙන අතර මේ වන විට කලාවැවේ ද වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබේ.

    කණ්ඩලම ජලාශයට - බෝවතැන්න ජලාශයෙන් විශාල වශයෙන් ජලය ලැබෙන බවත් මේ වන විට කණ්ඩලම ජලාශයේ සොරොව්ව දෙකම විවෘත කට ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන බව ද නිලධාරීන් පවසයි.

    kandalama 04

    kandalama 01

    kandalama 05

    Latest News