නේවි සම්පත් යළි රිමාන්ඩ්

නොවැ 07, 2018

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවලට අනුව හා අතුරුදහන් වූ පුද්ගලයන් ලබා දුන් තොරතුරු වලට අනුව සිදු කළ විමර්ශන වලදී එම තොරතුරු සත්‍ය බවට තහවුරු වී ඇතැයි ද අතුරුදහන් වූ බව කියන නාවික හා සාගරික විද්‍ය පීඨයේදී සොයා ගත් වාහනය පැහැරගත් වාහනයක් බවට රජයේ රස පරීක්ෂක වරයා සහ ටොයොටා ආයතන එක්ව සිදූ කළ විමර්ශන අනාවරණය වී ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සිද්ධියට අදාළව, අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් කප්පම් ඉල්ලු සිද්ධියට අදාළ දුරකතන විශ්ලේෂණය සිදු කරන බවත් එම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    බන්ධනාගාරය විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සැකකරුවන් 11 දෙනකු දැනට ඇප මත නිදහස් කර තිබෙනවා.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News