තහවුරු නොකළ සමාජ මාධ්‍ය තොරතුරුවලින් ප්‍රවේසම් වන්න.... බොරදියේ නැව් බාන අයත් ඉන්නවා (වීඩියෝ)

මැයි 11, 2019

    සමාජ මාධ්‍ය ජාලාවල පළවන විවිධ තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    එබැවින් එවැනි තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන්නැයි, ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.  “ජාත්‍යන්තර මාධ්‍ය කියලා මට එහෙම කියන්න බැහැ. කොහොම නමුත් තහවුරු නොකරන ලද තොරතුරක් තමයි මේ කතාවෙන්නේ. තහවුරු නොකරන ලද තොරතුරක් පිළිබඳව ඔබගේ හමුදාපති හැටියට මට පිළිතුරක් දෙන්න බැහැ. නමුත් බුද්ධි අංශ එහෙම දෙයක් වාර්තා කරන්නේ නැහැ.

    අවාසනාවකට එවැනි ලිපි මේ සමාජ ජාලා තුල පරිශීලනය වීමෙන් තමයි මේ ප්‍රශ්නය පැන නැඟිලා තියෙන්නේ. වගකීමක් නැති නිසා මේ වනවිට රටේ ජනතාව පෙළඹිලා තියෙනවා එවැනි තහවුරු නොකරන ලද තොරතුරු කරා හඹායන්න. එය මේ වෙනකොට මම දකින විධියට මේක මෝස්තරයක් වෙලා තියෙනවා. ඒ වගේම කැළඹුණු වතුරට එහෙම නැත්නම් බොරදියේ මාළු වෙනුවට බොරදියේ නැව් බාන අයත් මේ රටේ ඉන්නවා. ඒ නිසා එයින් පරිස්සන් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා“ යැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:11

    Latest News