උතුරු මුහුදු තීරයෙන් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

මැයි 26, 2019

    නාවික හමුදාව පිරිසක් විසින් අද (26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ දි කේරළ ගංජා කිලෝ 70 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික භට පිරිසක් උදයපුරම් ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමකදි මෙම කේරළ ගංජා තොගය සමඟ සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පවසයි. උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික භට පිරිසක් වෙත්තල‍කර්නි මුහුදු ප්‍ර‍දේශයේ ඊයේ කළ මුර සංචාරයක් දි කේරළ ගංජා කිලෝ 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) ද අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News