මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙය ක්රියාත්මකයි. මේ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර තිබෙන බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව අද වැලි කැනිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන පරික්ෂා කෙරෙන අතර වැලි කැණිම් සඳහා නිකුත් කර ඇති බලපත්ර පරික්ෂා කිරීම ද සිදු කරනු ලබයි. වැලි කැණිම් කටයුතු සිදු කිරීමෙන් සිදු වන පරිසර හානිය අවම කර ගැනීම හා පරිසර පද්ධතිය සුරක්ෂිත කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
මේ වන විට ත්රිකුණාමලය, උප්පාරු පාලම අසල බලපත්ර නොමැතිව වැලි ගොඩ දැමු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දී තිබේ.