සයින්දමර්දු ප්‍රහාරයෙන් වළදැමූ සහරාන්ගේ පවුලේ සිරුරු ගොඩගනී

ජූනි 07, 2019

    කල්මුනේ,සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය සහාරන්ගේ පවුලේ සිරුරු අද නැවත ගොඩගැනීම අද සිදුකෙරේ.

    පසුගිය අප්‍රේල් 26වැනිදා සයින්දමර්දු, බොලිවේරියන් ගම්මනයේ නිවසක් තුල දී තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහාරන්ගේ සහෝදරයන් මව පියා ඇතුළු සාමාජිකයන් 16 දෙනෙකු බෝම්බ පුරවා ගනිමින් මරණයට පත්විය.  මියගිය අයගේ සිරුරු ආරක්ෂක අංශ නියමයෙන්  අම්පාර සුසාන භූමියේ මැයි 2වැනිදා තැන්පත් කෙරිණ. සහරාන්ගේ පියාවන අයාතු මොහොමඩ් මොහොමඩ් කාසිම්, මව අබ්දුල් කාදර් සම්මා, සහරාන්ගේ සහෝදරයා වන මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් කාසිම් මොහොමඩ් සෙයිනි හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හා තවුහිත් ජමාද් සංවිධානයේ කල්මුනේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අහමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස් ද මේ අතර වෙයි.

    අම්පාර නගර සභා සුසාන භුමියේ ඔවුන්ගේ දේහ මිහිදන් කර තිබුනේ පරික්ෂණ සඳහා නැවත ගොඩගැනිමේ අරමුණේනී. එ අනුව අද එම 16 දෙනාගෙන් 4 දෙනෙකුගේ කොටස් ඩි. එන්. ඒ. පරික්ෂණය සදහා නැවත ගොඩ ගැනීම සිදු කෙරිණ. 

    අම්පාර දිසා විනිසුරු මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිආරච්චි මෙනවියගේ අධික්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිළධාරි රුචිර නදිර මහතාගේ සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතාගේ මෙහෙවිම මත මෙම ගොඩගැනිම සිදු කෙරිණ.

    මෙහි දී රසපරික්ෂකවරයාගේ නියමය පරිදි වැඩිහිටි පුද්ගලයන් තිදෙනෙකුගේ සහ එක් ළමයෙකුගේ කොටස් ගොඩ ගැනීම සිදුවේ. පොලිසිය විසින් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් සලසා ඇත.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 11:46

    Latest News