විසුරුවා හැරීම - විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

නොවැ 12, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග වැනි නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද දිනයේ සලකා බැලීමට නියමිතව තිබේ.

    ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්ස සලකා බැලීමට නියමිතයි.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව 12ක් විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

    මෙම විසුරුවා හැරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

    මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් විභාගය අවසන් තීන්දුවක් ලබාදෙන පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 11:50

    Latest News