කෙසෙල්වත්තේ හෙරොයින් ජාවාරම්කරු ජීවිතාන්තය දක්වා සිරගෙට

ජූනි 17, 2019

    හෙරොයින් ග්‍රෑම් 7.03ක් සන්තකයේ තබාගත් හා ජාවාරම්කළ කොළඹ,කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකර තිබේ.

    ඒ කොළඹ මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව අද කැඳවූ අවස්ථාවේ. 2013 වසරේ අගෝස්තු 11වැනිදා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනිණ.

    ඒ අනූව, හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරුණ අතර දීර්ඝ නඩුවිභාගයකින් පසු අද තීන්දුවට ප්‍රකාශයට පත් කෙරිණ. 

     

     

    Last modified on සදුදා, 17 ජූනි 2019 11:50

    Latest News