අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකදී. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රට තුළ උද්ගත වූ තත්වය පිළිබඳව පැවති එම සංවාදය සංවිධාන කළේ “ස්ලැස්කොම්“ සහ “එක්වෙමු ශ්‍රී ලංකා“ මුලිකත්වයෙන්. අමාත්‍ය රුවන් විජේවර්ධන, ස්ලැස්කොම් සභාපති ජීවන් ඥානම්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.
එහි විශේෂ අවධානයක් යොමු වූයේ සමාජ මාධ්‍ය යොදාගෙන, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් සිදු කෙරුණු ප්‍රචාරණ පිළිබඳවයි. මාධ්‍ය නිදහස අගය කරන රජයක් ලෙස සමාජ මාධ්‍ය නියාමනය එය තුළින්ම සිදුවනු දැකීම තම අභිප්‍රාය බව අමාත්‍යවරයා පැවසීය.