දේශීය වෘත්තිකයින්ගේ දැනුම භාවිත කරමින් ඉදි කෙරෙන උද්‍යානයට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 130ක්. කොලොන්නාව නගර සභාව 1989 දී පමණ කසළ බැහැර කිරීමට තෝරා ගත්තේ මීතොටමුල්ල ප්රදේශයයි. පසුව, කොළඹ මහ නගර සභාව ද 2009 වසරේ සිට එම ස්ථානයට කසළ බැහැර කිරීම ආරම්භ කළේය. එතැන් සිට කසළ කන්ද ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබිණ. එහි බලපෑමෙන් සමාජ, ආර්ථික, පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගත වූ අතර, අවසන් ප්‍රතිඵලය වුයේ අඩි 300ක් ඉහළට විහිද තිබූ මීතොටමුල්ල කසළ කන්ද නාය ගොස් ජිවිත 34ක් අහිමිවී දේපළ රැසක් ද විනාශ වීමයි.
එම ඛේදවාචකයත් සමඟ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මීතොටමුල්ල යළි ගොඩනැගීම සහ කසළ කන්ද නැවත කඩා වැටීම වැළැක්වීම සම්බන්ධ ව්‍යාපෘතිය ආරම්භ කළේය. එහි අධ්‍යයන කටයුතු සිදු කරන ලද්දේ, විශේෂඥ කණ්ඩායමක් විසින්. විෂය බාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කසළ කන්දට විසඳුමක් ලබාදීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීය. ඔහුගේ අදහස වූයේ ගැටලුවට නිර්මාණාත්මක විසඳුමක් ලබාදීමයි. ඒ අනුව මීතොටමුල්ල නාගරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ කසළ කන්දකට නිර්මාණාත්මක විසඳුමක් ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. නාගරික උද්‍යානය ආශ්රිත පවුල් 290ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාසවල පදිංචි කරවීමට පියවර ගෙන තිබේ. ඇල මාර්ග ද සංවර්ධනයටයි, පියවර ගෙන ඇත්තේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු, කොළඹ ජීවත්වීමට වඩාත් හිතකර පරිසර කලාපයක් බවට මෙම නාගරික උද්‍යානය පත්වනු ඇත.