මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා සහ සැප්තැම්බර් මස 10 වැනිදා පවත්වන බවයි.
2004 වසර සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන හතළිස් 41.2 ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.