එතුමා මේ බව කියා සිටියේ, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සමුළුවට අද එක්වෙමින්. සමුළුව පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉකුත් 23 වැනිදින සිට මත්ද්‍රව්‍ය නිවාරණ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ. 2015 සිට 2019 වසර දක්වා අත්අඩංගුවට පත් විවිධ වර්ගවලට අයත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ විසි හතරදහස් 818ක්.
එම කාලය තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් හා පුනරුත්ථාපන සේවාවන් රැසක් සිදුවිය.