මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු පරාජය 2015 ජනාධිපතිවරණයෙන් ගෙන ආ බවත් පාර්ලිමේන්තු මැතිවරණය ඔස්සේ අගමැති වීමේ සිහිනය තිබුණ ද එය ද අහිමි වු ගිය බව සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුනී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමිනි.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රබල දේශපාලන අර්බුදයකට පත්ව ඇති බවත් විද්‍යාරත්න මහතා කියා සිටියේය. ඒ අතරම තවත් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් රටේ පවතින අර්බුදයට වඩා එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය විශාල බවත් සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.