පාස්කු ප්‍රහාරයෙන් පසු නැවතත් සීගිරියට බටහිර සංචාරක ආකර්ෂණයක් (ඡායාරූප)

ජූලි 28, 2019

    පාස්කු ප්‍රහාරයෙන් පසු අඩාල වු සීගිරිය නැරඹීම මේ වන විට 70% කින් පමණ වර්ධනය වී තිබේ.

    මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීමට විදේශීය සංචාරකයන් පැමිණේන බවත් ඔවුන් බටහිර රටවල සංචාරකයන් බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසයි. එ අනුව දිනකට විදේශීය සංචාරකයන් නවසියයකට අධික පිරිසක් පැමිණෙන බවත් දේශීය සංචාරකයන් දිනකට හයසියයකට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

    එමෙන්ම සති අන්තයන්හි දී විදේශීය සංචාරකයන්ගේ වැඩි වීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 ඉහළ යෑම විශේශත්වයකි. දේශීය සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් සීගිරිය නැරඹීමට පැමිණෙන බව හෙතෙම සඳහන් කළේය.

    sigiriyatourist1 px 900 19
    පාස්කු ප්‍රහාරය සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබිණි. සීගිරිය නගරයේ සංචාරකයන්ගෙන් ජීවනෝපාය සකසා ගත් අලි සෆාරි කරත්ත සෆාරි ඔරු සෆාරි සහ ආහාරපාන නවාතැන් ලබා දුන් බොහෝ දෙනෙකුද දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වලට මුහුණ පා සිටියහ.

    නැවතත් විදේශිකයන්ගේ පැමිණීමත් සමග සංචාරක ක්ෂේත්‍රය යම් මට්ටමකින් පවත්වාගෙන යෑමට ඔවුනට හැකි වී තිබෙන කර්මාන්ත කරුවන් පවසයි.

    sigiriyatourist5 px 900 19

    සීගිරිය ප්‍රදේශයට පවතින දැඩි නියං කාලය හේතුවෙන් සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා තිබෙන වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබේ. එමෙන්ම සීගිරි උද්‍යානයේ පිහිටි සෑම ජල තටාකයක්ම සිදී ගොස් ජල මල් උද්‍යානය ද වියළි ස්වභාවයට පත්ව ඇත.

    සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සෑම අයකුගේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කොට තිබෙන බවත් දේශීය සහ විදේශීය සංචාරකයන් දැඩි ආසාවකින් උවමනාවකින් මේ දිනවල සීගිරිය නැරඹීම සිදුකරන බවත් මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    sigiriyatourist3 px 900 19

    sigiriyatourist2 px 900 19

     

     

     

     

     

     

     

    Latest News